Empty Ad
Empty Ad
AFC Banner

ලිඳුල වතු නිවාස පෙළක ඇති වූ ගින්නෙන් නිවාස 20කට හානි (ඡායාරූප)

තලවකැලේ, ලිඳුල පොලිස් වසමට අයත් බඹරකැලේ වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (25) රාත්‍රියේ හටගත් ගින්නෙන් නිවස 20ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වනවා.

ඊයේ (25) රාත්‍රී 9.00ට පමණ හටගත් මෙම ගින්න පාලනය කිරීම සඳහා ලිඳුල පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරුවා.

නිවාස 24 කින් සමන්විත වතු නිවාස පේළියක එක නිවසක මෙම ගින්න හටගෙන පැතිර තිබූ අතර, ගින්නෙන් විනාශ නොවී ඉතිරි වූයේ නිවාස 04ක් පමණයි.

මෙම ගින්න හේතුවෙන් පවුල් 20 කට අයත් සමාජිකයන් 70 දෙනෙකු පමණ මේ වනවිට අවතැන්ව ඇති අතර, ඔවුන් එම වතුයායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ, පුස්තකාලයේ සහ ආගමික ස්ථානයක තාවකාලිකව රඳවා තිබෙනවා.

අවතැන් වූ පිරිසටඅවශ්‍ය පහසුකම් සහ පිසූ ආහාර ලබාදීමට වතු පාලන අධිකාරිය සහ නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රීලනිපයේ ප්‍රශ්න සියල්ල විසඳෙයි..?
03:38
Video thumbnail
මුන් ඔක්කොම යාලුවෝ මල්ලී - නලින්ද ඉදිරියේ රෝහිතගෙන් සුපිරි කතාවක්
05:16
Video thumbnail
යතුරුපැදි අනතුරකින් තරුණයින් අවසන් ගමන් යයි
01:27
Video thumbnail
පොලිසියටත් සැර කරන අමුතු දොස්තර - දැන් ඉතිං අසරණ ලෙඩ්ඩු කාට කියන්නද මේ දුක
12:37
Video thumbnail
රෝහිත ඉස්සරහා තියාගෙන - නලින්ද ජයතිස්ස හොඳට දෙසයි - ආපු කට්ටිය මීක් නෑ...
13:24
Video thumbnail
දුම්මල වරම අතට ගත්තු ආශු මාලිමාව ෆ්ලැට් කරපු හැටි
08:22
Video thumbnail
වැරදි කරපු අය අපි අයින් කළා - දැක්කනේ
08:14
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චම්පික හෙට්ටිආරච්චි සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:36:23
Video thumbnail
නලින්ද කතානායකගේ ඉල්ලා අස්වීම ගැන කට අරියි
07:03
Video thumbnail
මාලිමා මන්ත්‍රී ළඟම තියාගෙන ආශු දාපු කින්ඩිය
10:48

?