ලිඳුල වතු නිවාස පෙළක ඇති වූ ගින්නෙන් නිවාස 20කට හානි (ඡායාරූප)

තලවකැලේ, ලිඳුල පොලිස් වසමට අයත් බඹරකැලේ වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (25) රාත්‍රියේ හටගත් ගින්නෙන් නිවස 20ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වනවා.

ඊයේ (25) රාත්‍රී 9.00ට පමණ හටගත් මෙම ගින්න පාලනය කිරීම සඳහා ලිඳුල පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරුවා.

නිවාස 24 කින් සමන්විත වතු නිවාස පේළියක එක නිවසක මෙම ගින්න හටගෙන පැතිර තිබූ අතර, ගින්නෙන් විනාශ නොවී ඉතිරි වූයේ නිවාස 04ක් පමණයි.

මෙම ගින්න හේතුවෙන් පවුල් 20 කට අයත් සමාජිකයන් 70 දෙනෙකු පමණ මේ වනවිට අවතැන්ව ඇති අතර, ඔවුන් එම වතුයායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ, පුස්තකාලයේ සහ ආගමික ස්ථානයක තාවකාලිකව රඳවා තිබෙනවා.

අවතැන් වූ පිරිසටඅවශ්‍ය පහසුකම් සහ පිසූ ආහාර ලබාදීමට වතු පාලන අධිකාරිය සහ නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23