WHO තාමත් චීනයෙන් ඉල්ලනා කොවිඩ් වසංගතයේ සුල මුල

කොවිඩ් වසංගතය වූහාන් නගරයෙන් ආරම්භ වී වසර පහක් ගතවීමෙන් පසු එහි මූලාරම්භය පිළිබඳ දත්ත නිකුත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලා තිබෙනවා.

“මෙය සදාචාරාත්මක සහ විද්‍යාත්මක අත්‍යාවශ්‍යතාවකි” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, එය වැදගත් සංධිස්ථානයක සංවත්සරය ලෙසයි.

“රටවල් අතර විනිවිදභාවය, බෙදාගැනීම සහ සහයෝගීතාව නොමැතිව, අනාගත වසංගත සඳහා ප්‍රමාණවත් ලෙස සූදානම් වීමට ලෝකයට නොහැක,” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

වෛරසය ස්වාභාවික ව සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බව බොහෝ විද්‍යාඥයෝ සිතනවා.

එහෙත් එය වුහාන්හි රසායනාගාරයකින් පිටතට පැමිණි බවට ඇතැම් සැකයන් පවතිනවා.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධනය නිකුත් කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වා නැහැ.

එමෙන්ම චීනය මීට පෙර සිටම කොරෝනා වෛරසය වූහාන් හි රසායනාගාරයකින් කාන්දු වූ බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉකුත් සැප්තැම්බර් මාසයේ දී විද්‍යාඥන් කණ්ඩායමක් කියාසිටියේ කොවිඩ් වසංගතය රසායනාගාර කාන්දුවකින් නොව වෙළඳපොළක අලෙවි කරන ආසාදිත සතුන්ගෙන් ආරම්භ වී ඇති අතර එය සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

2020 ජනවාරි මාසයේදී වුහාන් නගරයෙන් එකතු කරන ලද සාම්පල සිය ගණනක් විශ්ලේෂණය කිරීමෙන් පසුව ඔවුහු මෙම නිගමනයට පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17