V8 වර්ගයේ මෝටර් රථ නඩුවට සුජීවට නිල ඇප හිමිවෙයි

රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලැස් කිරීමේ සිදුවීමට අදාළ නඩුව කොටුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් විමෙන් අනතුරුව නිවරැදිකරු බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු අමාත්‍යවරයා විත්ති කුඩුව මත සිටිය දී චෝදනා පත්‍රය කියවාදීමෙන් අනතුරුව තමා නිවරැදිකරු යැයි ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව නඩුව විභාගය සඳහා කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරිය දින නියම කළා.

පසුගිය දා නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී අදහස් දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණයේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලැස් කළ බවට චෝදනා එල්ල වී තිබෙන සුජීව සේනසිංහ මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම අවස්ථා හයක දී මගහැර ඇති බවයි.

ඔහු පදිංචිව සිටි කොල්ලුපිටියේ නිවසට අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇතත් නිවස ඉබි යතුරු දමා වසා දමා ඇති බව රජයේ අධිනීතිඥවරයා පැවසුවා.

විමර්ශනයට සහාය නොදෙන්නේ නම් සැකකරුවෙක් ලෙස නම් කර ඔහු අත්අඩංගුවට ගත හැකි බව අධිනීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

ශක්ති ජාගොඩආරච්චි මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් අදාළ නඩුව පසුගියදා කොටුව අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේදීය.

එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ සුජීව සේනසිංහ මහතා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වී ඇති බවයි.

එසේම ඔහු තව දින කීපයකින් මෙරටට පැමිණෙන බව ද ජනාධිපති නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා කරුණු දැක්වීම සඳහා අවසර ඉල්ලා සිටියත් ජනාධිපති නීතිඥවරයා ඊට විරෝධය පළ කළා.

ජනාධිපති නීතිඥවරයා සේවාදායකයා පැවසුවේ විවෘත අධිකරණයේ නොමැති අවස්ථාවක කරුණූ දැක්වීම යුක්ති සහගත නොවන බවයි.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව ශක්ති ජාගොඩආරච්චි මහතාට කරුණු දැක්වීමට මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?