V8 වර්ගයේ මෝටර් රථ නඩුවට සුජීවට නිල ඇප හිමිවෙයි

රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලැස් කිරීමේ සිදුවීමට අදාළ නඩුව කොටුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් විමෙන් අනතුරුව නිවරැදිකරු බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු අමාත්‍යවරයා විත්ති කුඩුව මත සිටිය දී චෝදනා පත්‍රය කියවාදීමෙන් අනතුරුව තමා නිවරැදිකරු යැයි ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව නඩුව විභාගය සඳහා කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරිය දින නියම කළා.

පසුගිය දා නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී අදහස් දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණයේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලැස් කළ බවට චෝදනා එල්ල වී තිබෙන සුජීව සේනසිංහ මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම අවස්ථා හයක දී මගහැර ඇති බවයි.

ඔහු පදිංචිව සිටි කොල්ලුපිටියේ නිවසට අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇතත් නිවස ඉබි යතුරු දමා වසා දමා ඇති බව රජයේ අධිනීතිඥවරයා පැවසුවා.

විමර්ශනයට සහාය නොදෙන්නේ නම් සැකකරුවෙක් ලෙස නම් කර ඔහු අත්අඩංගුවට ගත හැකි බව අධිනීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

ශක්ති ජාගොඩආරච්චි මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් අදාළ නඩුව පසුගියදා කොටුව අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේදීය.

එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ සුජීව සේනසිංහ මහතා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වී ඇති බවයි.

එසේම ඔහු තව දින කීපයකින් මෙරටට පැමිණෙන බව ද ජනාධිපති නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා කරුණු දැක්වීම සඳහා අවසර ඉල්ලා සිටියත් ජනාධිපති නීතිඥවරයා ඊට විරෝධය පළ කළා.

ජනාධිපති නීතිඥවරයා සේවාදායකයා පැවසුවේ විවෘත අධිකරණයේ නොමැති අවස්ථාවක කරුණූ දැක්වීම යුක්ති සහගත නොවන බවයි.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව ශක්ති ජාගොඩආරච්චි මහතාට කරුණු දැක්වීමට මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අවසර ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03