Empty Ad
AFC Banner
Empty Ad

Update – 25 හැවිරිදි පෙර පාසල් ගුරුවරියගේ ඝාතනයේ තොරතුරු කිහිපයක් හෙළිවෙයි

25 හැවිරිදි වොයේ පසුවූ පෙර පාසල් ගුරුවරියක් ගෙළ කපා ඝාතනය කළ සිදුවීමක් අද (07) පේරාදෙණිය, ඉළුක්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඇය අද (07) උදෑසන පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා යමින් සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි හෙළිවුණේ.

ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසියම් අයෙකු විසින් ඇයගේ ගෙළ කපා තිබෙන බවත්, ඉන්පසු ඇය තමන්ව බේරා ගන්න ලෙස පවසමින් ඉන් මීටර්100ක් පමණ දුරකින් පිහිටි සිය නැන්දාගේ නිවස වෙත දිවගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගුරුවරිය නිවසේ සිට පෙර පාසලට යන අතර තුර දුරකථනයෙන් කිසිවෙකු සමඟ කතා කරමින් ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඇයගේ ජංගම දුරකථනයෙන් ලබාගන්නා දත්ත ඔස්සේ සිද්ධිය සම්ම්බන්ධයෙන් ඉරිදී විමර්ශන ආරම්භ කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙය ප්‍රේම සම්බන්ධතාවක් මුල්කර ගනිමින් සිදුවූ ඝානතනයක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අංජලී චාපා සෙනෙවිරත්න නැමැති තරුණියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>