Update – 25 හැවිරිදි පෙර පාසල් ගුරුවරියගේ ඝාතනයේ තොරතුරු කිහිපයක් හෙළිවෙයි

25 හැවිරිදි වොයේ පසුවූ පෙර පාසල් ගුරුවරියක් ගෙළ කපා ඝාතනය කළ සිදුවීමක් අද (07) පේරාදෙණිය, ඉළුක්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඇය අද (07) උදෑසන පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා යමින් සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි හෙළිවුණේ.

ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසියම් අයෙකු විසින් ඇයගේ ගෙළ කපා තිබෙන බවත්, ඉන්පසු ඇය තමන්ව බේරා ගන්න ලෙස පවසමින් ඉන් මීටර්100ක් පමණ දුරකින් පිහිටි සිය නැන්දාගේ නිවස වෙත දිවගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගුරුවරිය නිවසේ සිට පෙර පාසලට යන අතර තුර දුරකථනයෙන් කිසිවෙකු සමඟ කතා කරමින් ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඇයගේ ජංගම දුරකථනයෙන් ලබාගන්නා දත්ත ඔස්සේ සිද්ධිය සම්ම්බන්ධයෙන් ඉරිදී විමර්ශන ආරම්භ කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙය ප්‍රේම සම්බන්ධතාවක් මුල්කර ගනිමින් සිදුවූ ඝානතනයක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අංජලී චාපා සෙනෙවිරත්න නැමැති තරුණියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21