Update – ලොහාන් රත්වත්තේගේ ලේකම් වෙඩි තබාගෙන ඇත්තේ ඔහුගේම ගිනි අවියෙන් – දැඩි කලකිරීමකින් ඉඳලා (වීඩියෝ)

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයා වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ ඔහුට අයත්ව තිබූ ගිනි අවියකින් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ එම ගිනි අවිය බලපත්‍ර සහිත අවියක් බවයි.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ සංජීව බස්නායක නැමැති 50 හැවිරිදි වියේ පසු වූ කටුගස්තොට, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෙම පුදගලයා හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් මහයියාවේ පිහිටි වලව්වකට සම්බන්ධ කර ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් තුළ දී මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩි තබා ගැනීමෙන් පසු බරපතළ තත්ත්වයේ සිටි එම පුද්ගලයා අද (20) දහවල් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව සඳහන්.

වෙඩි තබා ගැනීමට උපයෝගි කරගත් බවට සැක කරන මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයක් ද එම ස්ථානයේ තිබී පොලිසියට විසින් සොයාගෙන තිබෙනවා.

මෙම පුදගලයා පසුගිය කාලය තුළ දැඩි ලෙස කිරීමකින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

විවාහකයෙකු වන ඔහු එක්දරු පියෙක් ද වනවා.

සිද්ධිය වූ ස්ථානයට අද (20) දහවල් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ද පැමිණ ඇති අතර, ඔහුගෙන් ද ප්‍රකාශයක් ලබාගන්නා බව පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට සහ මහනුවර පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
7
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?