Update – ලොහාන් රත්වත්තේගේ ලේකම් වෙඩි තබාගෙන ඇත්තේ ඔහුගේම ගිනි අවියෙන් – දැඩි කලකිරීමකින් ඉඳලා (වීඩියෝ)

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයා වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ ඔහුට අයත්ව තිබූ ගිනි අවියකින් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ එම ගිනි අවිය බලපත්‍ර සහිත අවියක් බවයි.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ සංජීව බස්නායක නැමැති 50 හැවිරිදි වියේ පසු වූ කටුගස්තොට, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෙම පුදගලයා හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් මහයියාවේ පිහිටි වලව්වකට සම්බන්ධ කර ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් තුළ දී මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩි තබා ගැනීමෙන් පසු බරපතළ තත්ත්වයේ සිටි එම පුද්ගලයා අද (20) දහවල් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව සඳහන්.

වෙඩි තබා ගැනීමට උපයෝගි කරගත් බවට සැක කරන මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයක් ද එම ස්ථානයේ තිබී පොලිසියට විසින් සොයාගෙන තිබෙනවා.

මෙම පුදගලයා පසුගිය කාලය තුළ දැඩි ලෙස කිරීමකින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

විවාහකයෙකු වන ඔහු එක්දරු පියෙක් ද වනවා.

සිද්ධිය වූ ස්ථානයට අද (20) දහවල් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ද පැමිණ ඇති අතර, ඔහුගෙන් ද ප්‍රකාශයක් ලබාගන්නා බව පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට සහ මහනුවර පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වනු ලබනවා.

  1. අනිවාර්යයෙන් මොනවාහරි දෙයක් වෙලා ලැජ්ජා නිසා වෙඩි තියා ගත්තා වෙන්න පුළුවන් . නැත්නම් ලොහාන් කියන්න ඇති උබම වෙඩි තියාගනින් කියලා 🏊



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56