Indian Premier League

UPDATE – මොස්කව් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 133ක් දක්වා ඉහළට

රුසියාව මොස්කව් නගරයට නුදුරින් පැවැත්වුණු සංගීත සංදර්ශනයකට තුවක්කු කරුවන් විසින් එල්ලකළ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 133 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියාව පවසනවා.

එමෙන්ම 180කට වැඩි පිරිසක් මේ හේතුවෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඊයේ (22) දිනයේ එම රංග ශාලාවේ පැවති ප්‍රසංගයක් අතරතුරදී, වෙස්වළාගත් තුවක්කුකරුවන් විසින් ස්වයංක්‍රීය ගිනි අවිවලින් එම වෙඩි ප්‍රහාර සිදු කර තිබූ අතර ප්‍රහාර මාලාවේ වගකීම ISIS සටන්කාමීන් විසින් භාරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?