Update – තායි දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටී සිදූ අනතුරේ මරණ ගණන ඉහළට

තායිලන්තයේ ඉදිකිරීම් දොඹකරයක් ධාවනය වන දුම්රියක් මතට කඩා වැටීමෙන් සිදු වූ දරුණු අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට වේලාවෙන් අද (14) පස්වරු 2.00ට පමණ සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් අතර අවුරුද්දක් වයසැති දරුවෙකු සහ 85 හැවිරිදි වයෝවෘද පුද්ගලයෙකු ද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තායිලන්ත බලධාරීන් පවසන්නේ තුවාල ලැබූවන්ගෙන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී දුම්රියේ මගීන් 171 දෙනෙකු පමණ සිටි බවයි නිලධාරීන් පවසන්නේ.

තායිලන්ත රාජ්‍ය දුම්රිය සේවය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, දොඹකරයට වගකිව යුතු ඉදිකිරීම් සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි නිවේදනය කර ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය බැංකොක් සිට ඊසානදිග උබොන් රට්චාතානි පළාතට ගමන් කරමින් තිබූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29