Update – වැලිකන්දේ පොලිස් වෙඩි තැබීම ගැන සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන

වැලිකන්ද ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමකින් පසු පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ්.යු. වුට්ලර් පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ (12) දින පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා පැමිණ සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ බවයි.

මේ අතර වෙඩි තැබීමට යොදාගත් පොලිස් ගිනි අවිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා සමඟ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා ද හඳුනාගෙන ඇති අතර, පලාගිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගනිමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (12) පස්වරුවේ වැලිකන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහරදීමට පුද්ගලයෙකු උත්සාහ කළ අවස්ථවේ එම නිලධාරීන් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි වැදීමෙන් වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවලට සම්බන්ධ අයෙක් බවයි පොලිසිය සදහන් කළේ.

වෙඩි තැබීමට පෙර, ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සහ තවත් දෙදෙනෙක් යතුරුපැදියකින් ගමන් කරන අවස්ථාවේ පොලිසිය විසින් යතුරුපැදිය නතර කරන ලෙස අණකර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිස් අණ නොතකා ඔවුන් යතුරුපැදිය ධාවනය කර ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙක් අතර මඟ දී යතුරුපැදියෙන් බැස පලාගොස් ඇති අතර, මෙම පුද්ගලයා යතුරුපැදියෙන් නිවසට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ දී, එම පුද්ගලයා මන්නයක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර ඇති බව වාර්තා වන්නේ.

එහිදී පොලිස් නිලධාරීන් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් එම පුද්ගලයාට වෙඩි තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59