Update – බැකෝ සමන්ගේ බිරිඳ රහස් පොලිස් භාරයට – පද්මෙලා දිවයිනට රැගෙන ඒම හෙට

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත්අඩංගුවට ගැනුණු මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ 03 හැවිරිදි දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබෙනවා.

සජිකා ලක්ෂානි පත්තිනිගේ නැමැති 30 හැවිරිදි වියේ පසු වූ මෙම කාන්තාව ඊයේ (29) පස්වරුවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එලෙස පැමිණි එම කාන්තාව සහ දියණිය අත්අඩංගුවට ගෙන නිශ්කාශන කටයුතු සිදුකර පසුව ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ප්‍රකාශ සටහන් කරගැනීමට භාර දී තිබෙනවා.

එලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකාර කාන්තාව සහ දියණිය ඊයේ (29) රාත්‍රියේ ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙටැහැ රැගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද ඇතුළු පස්දෙනා හෙට (31) දිනයේ මෙරටට රැගෙන ඒමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02