විනිසුරුවරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ දැඩි කනස්සල්ල

විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

විශේෂ නියෝජිතවරිය, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමුකරමින් මේ බව පවසනවා.

අදාළ ලිපිය මඟින් ඇය පවසා ඇත්තේ ආණ්ඩුව ගෙන එම යෝජිත මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය කෙරෙහි මහජනතවට ඇති විශ්වාසය අඩපණ විය හැකි බවයි.

එමෙන්ම දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ගේ ධුර කාලය වෙනස් කිරීම තුළින් විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට අනිසි බලපෑම් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව ගැටලු මතුවිය හැකි බවට ද ඇය අනතුරු අඟවනවා.

මෙම යෝජිත වෙනස්කම් අනාගතයට පමණක් නොව, දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ සේවා කාලයටද (tenure of sitting judges) එකවර බලපාන ආකාරයට සකස් කර තිබීම ගැටලුකාරී තත්ත්වයක් බව ඇය අවධාරණය කරනවා.

ඒ, අනුව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සුදුසු ආරක්ෂණ ක්‍රමවේද සහිතව, විනිවිද පෙනෙන සියල්ල ඇතුළත්ව සහ උපදේශාත්මක යුක්තිය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හරහා විශ්‍රාම යාමේ වයසේ ඕනෑම වෙනසක් සිදුකරන ලෙසයි විශේෂ නියෝජිතවරිය රජයෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39