ඩෙංගු මරණ 68ක් දක්වා ඉහළට – රෝගීන් ගණනත් 91,000 ඉක්මවයි

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට මෙරටින් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 91,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 91,059 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

මේ අතර මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන හඳුනාගෙන ඇති අතර, රෝගීන් 48,244ක් බස්නාහිර පළාත තුළින් හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,406 දෙනෙකු හඳුනාගෙන.තිබෙනවා

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,101ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,491ක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම්කර තිබෙනවා.