බැකෝ සමන්ගේ මව ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගැනේ (වීඩියෝ)

සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මවට වෙඩිතැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

Yamaha fz වර්ගයේ යතුරුපැදියක් රතු සහ කළු හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමඟ ඌරුබොක්ක – මාතර මාර්ගයේ දම්පහළ, පොල්වත්ත ප්‍රදේශයේ බෝක්කුවක් අසලින් තේ ඉඩමකට දමාගොස් තිබිය දී අද (13) උදෑසන සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (12) පස්වරුවේ මිද්දෙණිය පොලිස් වසමේ උලහිටියාව ප්‍රදේශයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මව, මිද්දෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැකකරන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14