Update – දප්පුල ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් වෙත අතුරු නියෝග 04 ක් නිකුත් කළා.

හිටපු නිතිපතිවරයා විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝග නිකුත් කරණු ලැබුවා.

හිටපු නීතිපති ලිවේරා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරනය මෙම අතුරු නියෝග නිකුත් කරණු ලැබුවේ.

පාස්කු ප්‍රහාර සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද (24) දිනයේ ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවීමක් කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය 19 සහ 21 වනදා ඔහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණෙන ලෙස දන්වා තිබුණ ද ඔහු එම දියනවලදී ද පැමිණ සිටියේ නැහැ.

එම අවස්ථාවලදී ඔහු වෙනුවට නීතීඥවරුන් මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34