ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වෝල්ඩෙමයිකල් හමුවී වත්මන් රජය යටතේ රටේ පුනර්ජනනීය බලශක්තියට එල්ල වන මරු පහරවල් හා පුනර්ජනනීය බලශක්තිය විනාශ මුඛයට ගෙන යන රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතමාර්තා ටෙස්ෆායේ වෝල්ඩෙමයිකල් හමුවී වත්මන් රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කිරීමට ගෙන ඇති ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කරමින්.
මේ වන විට සුනිත්‍ය බලශක්තිය, සූර්ය බලශක්තිය විනාශ කරන ප්‍රතිපත්ති රැසක් වත්මන් රජය ක්‍රියාත්මක කරන බවත්, සුර්ය බලශක්තිය තුළින් පාරිභෝගිකයාට විදුලි ඒකකයට අඩු මිලක් දැරීමත් තරුණ වෘත්තිමය වශයෙන් දක්ෂ ව්‍යවසායකයන් නිර්මාණය කිරීමත් සිදු වන බවත් සුනිත්‍ය බලශක්තිය ප්‍රජාතන්ත්‍රවාදීකරණයට ලක් කිරීමෙන් කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට ශක්තිය ලැබෙන වැඩපිළිවෙළ විනාශ කරන්න රජය දරන උත්සාහයත් සූර්ය බලශක්තිය රටට වැදගත් වන ආකාරය සම්බන්ධයෙන් කරුණු රැසක් ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
මේ හේතුවෙන් සූර්ය බලශක්තිය ආරක්ෂා කර ගැනීමටත්, බැටරි පද්ධතියක අවශ්‍යතාවත් සම්බන්ධයෙන් රජය දැනුවත් කරන ලෙසත් මේ වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති මඟින් ජාතික ජාලයට මෙගාවොට් 2500ක් එකතු වන නිසා මාසයකට රුපියල් බිලියන 25ක් රටට ඉතිරි කරන බවත් මෙවැනි රටට වාසි තත්ත්වයක් තිබියදී ඩීසල් මාෆියාකාරයන් විසින් ඩීසල් මාෆියාව ප්‍රචලිත කරන්න විශාල උත්සාහයක නිරත වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම යුගදනවි, සොබාදනවි, සහස්දනවි හරහා LNG සහ ඩීසල් එකතුවක් තුළ විදුලිය නිෂ්පාදන කරනවා වෙනුවට FSR නොමැතිව කම්බයින්ඩ් සයිකල් පවර් ප්ලාන්ට් සංකල්පය තුළින් ඉන්ධන මාෆියාවේ ඩීසල් මාෆියාවේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න උත්සාහ බවත්, ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් එයට ඉඩ නොතබන බවත් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් නොව 100%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය කරා යන්න රජයට බල කරන බවත් ඒ වෙනුවෙන් කළ හැකි ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී සටන සිදු කරන බවත් මෙහි දී ඔහු සඳහන් කළා.










