මහජන විශ්වාසයකින් තොරව පොලිසියට පැවතිය නොහැකි බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
මොණරාගල පොලිස් කොට්ඨාසයට අයත් බුත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිල නිවාසය විවෘත කිරීමේ උත්සවයට අද (03) එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.
විනය පාලනයක් නොමැති ආයතනයක් කඩා වැටීම වැළැක්විය නොහැකි බවත්, පොලිස් නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩිව ක්‍රියාකරන බවයි ඔහු මෙහිදී අවධාරණය කළේ.
මේ අතර සංවිධානාත්මක අපරාධ මර්දනය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යසනය මර්දනය කිරීම සහ රථවාහන පාලනය හෙවත් මාර්ග විනය පවත්වාගෙන යාම පොලිසියට දැනට පවතින ප්‍රධානතම අභියෝග තුන බවයි පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.










