නුවරඑළියේ අනාරක්ෂිත දිවි ගෙවූ පවුල් 131කට අනිද්දා නව නිවාස

ඔක්තෝබර් 05 දිනට යෙදෙන ලෝක ජනාවාස සැමරුමට සමගාමිව ”තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ආධාර නිවාස වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉදි වූ නිවාස 131ක් ජනතා අයිතියට පත් කිරිමට පියවර ගන්නා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කළමනාකරු අතුල බණ්ඩාර සඳහන් කළේ මෙම වසර තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනාරක්ෂිත නිවාසවල දිවි ගෙවූ පවුල් 255කට නව නිවාස ඉදිකිරීම සදහා කටයුතු සිදු කරන බවත්, මේ වනවිට වැඩ අවසන් නිවාස 131 එදිනට මෙලෙස ජනතා අයිතියට පත් කරන බවයි.

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 13 ක්, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 07 ක්, නෝර්වුඩ් ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 06ක්, තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 02 ක්, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 22 ක්, නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 19 ක්, හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 26ක් සහ මතුරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 18ක් ලෙස එළබෙන ඔක්තෝබර් 05 දින ජනතා අයිතියට පත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42