TIN එක ගන්න රජය බිලියන 16ක් වියදම් කළ රැමිස් පද්ධතිය වැඩ නෑ (වීඩියෝ)

බදු පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හඳුන්වාදී තිබෙන රැම්ස් ඩිජිටල් පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ටින් අංකය අනිවාර්ය කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.

රැමිස් පද්ධතියේ පවතින ගැටලු නිසා ටින් අංකය ඉල්ලුම් කරන ලද ලක්ෂයකට අධික පිරිසකට එම අංකය නිකුත් කිරීමටද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආදායාම් පරිපාලන කළමණාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් පද්ධතියේ ගැටලු මතුවීම නිසා තාවකාලික වැට් සහතික නිකුත් කිරීම නතර කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා.

සිංගප්පූරු සමාගමක් සමඟ එක්ව මෙම රැමිස් පද්ධතිය සකස් කිරීමට රජය රුපියල් බිලියන 16ක පමණ මුදලක් වැය කර ඇතැයිද අනාවරණවනවා.

රැමිස් පද්ධතියේ දුර්වලතා පවතින බවට කෝප් කමිටුවේදීද අවධානයට ලක්වුණා.

මීට අමතරව මෙම රැමිස් පද්ධතිය නඩත්තු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දිරි දීමනද ගෙවමින් වෙනම කාර්ය මණ්ලයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම රැමිස් පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පෙබරවාරි මස පළමුවැනිදා සිට බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය අනිවාර්ය කිරීමට නියමිත වුවද එය මේ වන විට අප්‍රේල් මස පළමුවැනිදා දක්වා කල් දමා තිබෙනවා.

කෙසේ වෙතත් රැමිස් පද්ධතිය කඩිනමින් යථාවත් කිරීමට බලාපොරොත්තු වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?