Telegram සමූහයක් මඟින් ලක්ෂ ගණනක මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් වංචනික ලෙස මුදල් ගිණුමකට බැරකර ගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකයට ලද පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව සිදුකරන ලැබූ විමර්ශනයේදී Telegram සමූහයක් වෙත සම්බන්ධ කරගනිමින් පැමිණිලිකරු රවටා රුපියල් 6,860,000 ක (හැටඅට ලක්ෂ හැට දහසක) මුදලක් වංචා කර ඇති බව අනාරණය වූ බව පොලිසිය පවසනවා.

එම මුදලින් රුපියල් 500,000 ක (ලක්ෂ පහක්) මුදලක් තම බැංකු ගිණුමට බැරකරගත් සැකකරුවෙක් ඊයේ (11) දින පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 31 ක් වන වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?