Tammy Beaumont ගෙන් දැවැන්ත ලකුණු 150ක් – තරගාවලි ජයත් එංගලන්තයට

සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව දෙවැනි එක්දින තරගයේත් ජයග්‍රහණය තමන් සතු කරගන්නට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

මෙම තරගය ඊයේ (09) පැවැත්වුණේ බෙල්ෆාස්ට් හි දීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් කඩුලු 08ක් දැවී පන්දුවාර 50 අවසානයේ දී ගොඩනැගූ ලකුණු පුවරුව 320ක්.

එහිදී විශිෂ්ට ඉනිමක් නොදැවී ක්‍රීඩා කරමින් එංගලන්ත ආරම්භක පිතිකාරිණිය වන Tammy Beaumont ලකුණු 150*ක් රැස් කළේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 16ක් ද සමගින්.

Freya Kemp ලකුණු 65යි.

කඩුලු බිඳ දැමීමේ දී අයර්ලන්තය වෙනුවෙන් Arlene Kelly සහ Freya Sargent කඩුලු 02ක බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ල බැගින් Alice Tector, Jane Maguire හා Aimee Maguire ට හිමිවුණා.

ජයග්‍රහණය සඳහා දැවැන්ත ලකුණු 321ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත ක්‍රීඩිකාවෝ පන්දුවාර 16ක් අවසන් වීමට පෙර සියල්ලන් ම දැවී ලබාගත්තේ ලකුණු 45ක් පමණි.

ඒ අනුව එංගලන්තයට ලකුණු 275ක දැවැන්ත ජයක් හිමිවුණා.

කඩුලු බිඳ දැමීමේ දී කේට් ක්‍රොස් සහ ලෝරන් ෆිලර් කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

ෆ්‍රෙයා කෙම්ප් සහ ජෝර්ජියා නමින් කඩුලු දෙක බැගින් ලියැවුණා.

ඒ අනුව තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ එංගලන්තයට තරගාවලියේ ජය තරග 2-0ක් ලෙස වේලාසනින් ම හිමිකර ගැනීමට හැකියාව ලැබුණා.

තරගයේ වීරයා සම්මානය ලකුණු 150ක් නොදැවී ලැබූ Tammy Beaumont ට හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42