T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ තරග අද සිට

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග අද (22) ආරම්භ වනවා.

සුපිරි 12 වටය අරඹමින් අද තරග බිමට පිවිසෙන්නේ පසු ගියවර ශූරතාව දිනාගත් සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ අනුශූරයින් වූ නවසීලන්ත කණ්ඩායමයි.

ඔවුන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිත අතර, සුපිරි 12 වටයේ දෙවැනි තරගය ද අද එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පර්ත් නුවර පැවැත්වීමට නියමිතයි.

2022 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරග 30ක් පැවැත්වීමටයි සංවිධායකයින් කටයුතු කර ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකාව සහභාගීවන සුපිරි 12 වටයේ පළමු තරගය හෙට (23) අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40