Empty Ad
AFC Banner
Empty Ad

T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් උඩු යටිකුරු කරමින් ෂර්මා ඉදිරියටම

ජාත්‍යන්තර T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි පෙබරවාරි මස 04 වැනි දිනට සිදු කළ යාවත්කාලීන කිරීම් අනුව ඉන්දීය නවකයෙකුට එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට හැකි ව තිබෙනවා.

ඒ ඉන්දීය ක්‍රීඩක අභිෂේක් ෂර්මා හට යි.

ප්‍රසාද ලකුණු 829ක් පසුගියදා නිමාවට පත් එංගලන්ත තරගාවලියේ දී ලබාගත් දක්ෂතා හේතුවෙන් අභිෂේක් මෙම ස්ථානය දිනාගෙන තිබෙනවා.

අභිෂේක් ෂර්මා ස්ථාන 38ක් පසුකරමින් නව ප්‍රගතිය අත්පත් කරගෙන තිබෙනවා.

මේ හේතුවෙන් T20 ලැයිස්තුවේ ඉහළ සිටි ප්‍රබලයෝ රැසක් එක් ස්ථානය බැගින් පහතට ඇද වැටී තිබෙනවා.

ඒ අනුව තිලක් වර්මා, ෆිල් සෝල්ට්, සූර්‍යයකුමාර් යාදව්, ජොස් බට්ලර්, බාබර් අසාම්, පැතුම් නිස්සංක සහ මොහොමඩ් රිස්වාන් හට සිය ස්ථාන අහිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් කෙතරම් උඩු යටිකුරු කළ ද තවමත් මෙම ලැයිස්තුවේ පෙරමුණ සිටින්නේ ඔස්ට්‍රෙලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ්.

මේ අතර T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි සිය පළමු තැන යළිත් ලබා ගන්නට කොදෙව් ක්‍රීඩක අකීල් හොසේන්ට හැකිව තිබෙනවා.

ඒ ආඩිල් රෂීඩ් දෙවැනි තැනට පත් කරමින්.

වරුන් චක්‍රවර්තී එංගලන්තයට එරෙහිව පූනේ හිදී පසුගියදා දැක්වූ කුසලතා හේතුවෙන් ස්ථාන 03කින් ඉදිරියට පැමිණ තුන්වැනි තැනට පත් ව තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩක රවී බිෂ්නොයි ස්ථාන 04කින් ඉහළට පැමිණ සිය ස්ථානය 06 දක්වා පත් කරගෙන ඇති අයුරු දක්නට ලැබෙනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග එක් ස්ථානයකින් පහත බැස ඇත්තේ සිය ස්ථානය 04 බවට පත් කරගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගයට වැස්සෙන් බාධා - චාමර රණවක දෙපාරක් නොහිතා ග්‍රවුන්ඩ් එක මැදට පනියි
03:03
Video thumbnail
දරුවෙක්ගේ කකුළට කරපු දේට පාසලත් නිහඬයි - පොලිසියත් නිහඬයි
05:19
Video thumbnail
ඇමති නලින්ද එක්ක වර්ජනය ගැන කතා කරන්න ගිය වෘත්තිය සමිති ලොක්කෝ මාධ්‍ය මඟහැර හොරෙන්ම මාරු වෙයි
02:34
Video thumbnail
වාහන ආනයනකරුවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
22:44
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11

?