T-56 අවියක් සහ උණ්ඩ සමඟ අයෙක් සමිත්පුර දී අල්ලයි

ටී-56 වර්ගයේ ගිනි අවියක් හා එම පතරොම් 29ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) පසවරුවේ මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 36ක මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.