PCR වාර්තා ප්‍රමාදයෙන් ඇතිවූ කොවිඩ් අවදානම

දියවැඩියාව සඳහා ප්‍රතිකාර ගැනීමට පසුගිය දිනක දෙඹරවැව රෝහලට ඇතුළත් කෙරුණු තිස්සමහාරාම රබර්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ශ්වසන අපහසුතා මත PCR පරීක්ෂණයට යොමු කර තිබුණි.

ඊට පසු දින ඔහු ජීවිතක්ෂයට පත්වූ අතර දින කිහිපයකට පසු ලැබුණු PCR ප්‍රතිඵල අනුව ආසාදිතයෙක් බවට තහවුරු කර ගැනුණි.

මේ ගැන ඔහුගේ ඥාතීන්ට දැනුවත් කිරීමට තිස්සමහාරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (08) නිවසට ගිය අවස්ථාවේදී නිවැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබුණි.

“මෙයා මැරිලා දවස් 4ක්. අද තමයි රිපෝට් ඒක එන්නෙ. එතකම් මරණය ගෙදරට දෙයි කියලා අපේ කට්ටිය ඇවිදිනවා. කඩවල්වලට ගියා බඩු ගේන්න. ගෙදර ඉන්න කට්ටියට කන්න දෙන්න. කට්ටිය ඇවිත් එකතු වුණාම තමයි ඇවිත් කියන්නෙ පොසිටිව් වෙලා කියලා.” යනුවෙන් නිවැසියන් පවසා තිබුණි.

මේ අතර බණ්ඩාරගම නගරයට ආසන්න ත්‍රීරෝද රථ ගාලේ රියදුරෙකුටත් වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් එහි සිටි ත්‍රිරෝද රථ රියදුරන් 71 දෙනෙකු සිය කැමැත්තෙන් නිරෝධායනයට යොමුව තිබුණි.

බණ්ඩාරගම නගරයේ ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි ආයතනයක සේවකයින් 7දෙනෙකුට වෛරසය ආසාදනයවීමෙන් එම වෙළඳසැළ තාවකාලිකව වසා දැමුණි.

එමෙන්ම මහනුවර නගරයේ මත්පැන් අලෙවිහලක් ඇතුළත මත්පැන් පානය කරන බවට ලද තොරතුරක් මත පොලීසිය සිදුකළ වැටලීමකදී ඒ තුළ පුද්ගලයින් 50 දෙනෙකු පමණ සෞඛ්‍ය උපදෙස් නොතකා මත්පැන් පානය කරමින් සිට තිබුණි.

පසුව එහි සිටි සියලුදෙනා පොලිස් අත්අඩංගුවට පත්විය.

මේ අතර කොවිඩ් මර්දන වැඩසටහන යටතේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල නව ප්‍රතිකාර මධ්‍යස්ථාන 105 ක් දැනටමත් ස්ථාපිත කර තිබේ. 

එම ස්ථානවල ගිලන් ඇඳන් 19,000 කට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් වෙන් කර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සීදුව බ්‍රැන්ඩික්ස් ආයතන පරිශ්‍රය තුළ ඇඳන් 1200 ක ධාරිතාවයකින් යුත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකරමින් පවතී.

එය නිරීක්ෂණය කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පැමිණ සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවු සයිනොෆාම් එන්නත අද මෙරට ජනතාවට එන්නත්කරණය ආරම්භ කර තිබුණි.

ඒ අනුව පළමු අදියර ලබාදීම අද පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ආරම්භ වූ අතර එය ලබාගැනීමට විශාල පිරිසක් එක්රැස්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36