PCR කරන්න ගොස් ගුරුවරියකට හදි කළැයි PHI අත්අඩංගුවට

පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරමින් සිටින අතරතුර පාසල් ගුරුවරියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහරින ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් නාලක ජයසූරිය නියෝග කරනු ලැබුවා.

මෙසේ ඇප මත මුදාහැරියේ අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වන යොහාන් අබේසේකර නමැති විවාහක සැකකරුවෙකි.

අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටි පාසල් ගුරුවරියකට PCR පරීක්ෂණයක් සිදුකිරීමට සැකකරු ඇගේ නිවසට ගොස් ඇති බවත් එහිදී ඔහු ගුරුවරියට ලිංගික අතවර කිරීමට තැත් කළ බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවමත් අවසන්ව නොමැති නිසා සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පැවසුවේ සැකකරු ගුරුවරියකට අතවර කළ බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

සැකකරු රාජකාරියකට ගිය අවස්ථාවේ නිරෝධායනය කර තිබූ එම නිවසට අනවසරයෙන් පැමිණ සිටි පුද්ගලයකු ඇතුළු පිරිසක් ඔහුට පහර දී රාජකාරියට බාධා කර ඇති බවය.

එසේ අධිකරණයට කරුණු පැහැදිළි කළ නීතිඥවරුන් සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ද ඉල්ලා සිටියේය.

තමා රාජකාරියට ගිය අවස්ථාවේ පැමිණිලිකාර ගුරුවරියගේ නිවසේ සිටි පිරිසක් තමන්ට පොලුවලින් පහරදුන් බව පවසමින් සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ද පොලිසියට පැමිණිල්ලක් කර පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ.

තිසල් තෙන්නකෝන් – සාලියපුර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?