IPL උණුසුම් කරමින් විරාට් කෝලිගෙන් ශතකයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19වන තරගය රාජස්තාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු යන කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා.

එහිදී ශතකයක් වාර්තා කිරීමට බෙන්ගලුරු කණ්ඩායමේ විරාට් කෝලි සමත් වුණා.

ඔහුට එම ශතකය රැස් කිරීම සදහා පන්දු 67 ක් වැය වූ අතර එයට හයේ පහර 04ක් සහ හතරේ පහර 09ක් අන්තර්ගත වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු රාජස්ථාන් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පිටියට පිවිසි බෙන්ගලුරු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තා.

එහිදී විරාට් කෝලි නොදැවී ලකුණු 113ක් පන්දු 72කින් රැස්කල අතර එය මෙවර තරගාවලියේදී වාර්තා වූ පළමු ශතකයද වනවා .

එමෙන්ම එය විරාට් කෝලි ලබා ගත් 09වන විස්සයි විස්ස ශතකයයි.

පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චහල් ලකුණු 34කට කඩුළු 02ක් දවාගත්තා.

ඒ අනුව රාජස්ථාන් කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සදහා හිමි වූ ඉලක්කය ලකුණු 184ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26