IMF විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ පස්වන සහ හයවන සමාලෝචනයට දින නියමවෙයි

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනේ පස්වන සහ හයවන සමාලෝචන පිළිබඳව තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැයි 27 වන දින එහි විධායක මණ්ඩලයට දින නියම කර තිබෙනවා.

එය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක මූල්‍යකරණයක් විවෘත කළ හැකි පියවරක්.

අයි.එම්.එෆ් විධායක මණ්ඩලය සමාලෝචන දෙකම අනුමත කළහොත්, අයි.එම්.එෆ් විධිවිධානය යටතේ හයවන සහ හත්වන වාරික ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනවා.

අයි.එම්.එෆ් සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මෑතකදී පැවසුවේ වැඩසටහන මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර පූර්ව ක්‍රියාමාර්ග කිහිපයක් සම්පූර්ණ කළ යුතු බවයි.

විදුලිය සහ ඉන්ධන සඳහා පිරිවැය-ප්‍රතිසාධන මිලකරණය ප්‍රතිස්ථාපනය කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ආරක්ෂාව සහතික කිරීම මෙන්ම මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම ද මෙයට ඇතුළත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted