IMF පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් මෙරට දෙදින සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් එළඹෙන 15 සහ 16 යන දෙදින තුළ මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

අයි.එම්.එෆ් පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.

මෙම නිල සංචාරය අතරතුර, ආචාර්ය ගීතා ගෝපිනාත් “ශ්‍රී ලංකාවේ අයකර ගැනීමේ මාවත: ණය සහ පාලනය” යන මැයෙන් පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වනු ඇති.

මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව ජුනි 16 වන දින මෙම සමුළුව පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධතාවය පිළිබඳව පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකා බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට මෙම සංචාරය තුළ අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?