ICC ශ්‍රේණිගත කිරීම්වල වෙනසක්

ICC ටෙස්ට් සහ පන්දුවාර 20 පිතිකරණයේ සහ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ තවදුරටත් හොඳම පිතිකරුවා බවට පත් ව ඇත්තේ එංගලන්තයේ ජෝයි රූට්.

ඊට දෙවැනි වෙමින් එංගලන්තයේ හැරී බෘක් දෙවැනි තැනටත් තෙවැනි තැන කේන් විලියම්න්සන්ටත් හිමි ව තිබෙනවා.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට හිමි ව ඇත්තේ 07 වැනි ස්ථානය වන අතර එය කමිඳු මෙන්ඩිස් හට හිමි ව තිබෙන දැකිය හැකියි.

ස්ටීවන් ස්මිත් සහ රිෂාබ් පාන්ට් එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර ස්මිත් 08 වැනියා ලෙසත් පාන්ට් 09 වැනියා බවටත් පත් ව තිබෙනවා.

එමෙන්ම ටෙස්ට් පිටියේ පන්දු යවන්නන් අතර මෑතකදී කොදෙව්වන් සමග පැවති ටෙස්ට් තරගයේ දී කඩුලු ත්‍රිත්ත්වයක් ලබා ගත් නෝමන් අලී ස්ථාන 04කින් ඉහළට විත් සිය ස්ථානය 05 වැනි තැන දක්වා වර්ධනය කරගෙන තිබෙනවා.

මේ අතර T20 පිතිකරුවන් අතර ට්‍රවිස් හෙඩි තවමත් පෙරමුණේ රැඳී සිටිනවා.

නවතම යාවත්කාලීන කිරීම් අනුව ඉන්දීය ක්‍රීඩක තිලක් වර්මා එක් ස්ථානයක් ඉහළට පැමිණෙමින් දෙවැනි තැනට පත් ව ඇත්තේ එංගලන්තයේ ෆිල් සෝල්ට් තෙවැනි ස්ථානයට ඇද දමමින්.

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක මෙම ලැයිස්තුවේ සිටින්නේ හත්වැනි ස්ථානයේයි.

මොහොමඩ් රිස්වාන් එක් ස්ථානයකින් (08) ඉහළට පැමිණ තිබෙනවා.

එමෙන්ම T20 ආකෘතියේ පන්දු යවන්නන් අතර පළමු තැන සිටි කොදෙව්වන්ගේ අකීල් හුසේන් දෙවැනි ස්ථානයට පත් කරමින් එංගලන්තයේ අඩිල් රෂීඩ් නැවතත් පළමු ස්ථානයට පත් ව තිබෙනවා.

එමෙන්ම එංගලන්තය සමග පසුගියදා නිමාවට පත් වූ T20 තරගාවලියේ වරුන් චක්‍රවර්ති දැක්වූ දක්ෂතාව හේතුවෙන් ඔහු මෙම ලැයිස්තුවේ ස්ථාන 25කින් ඉහළට පැමිණ රැඳී ඇත්තේ 05 වැනි තැනයි.

එංගලන්තයේ ජොෆ්‍රා ආර්චර් කලකට පසු ප්‍රගතියක් ලබා ඇති අතර ඔහු හයවැනි ස්ථානය දක්වා පත් ව තිබෙනවා.

මහීෂ් තීක්ෂණ එක් ස්ථානයකින් පහළ ගොස් ඇත්තේ සිය ස්ථානය 07 බවට පත් කරගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?