ICC ශ්‍රේණිගත කිරීම්වල වෙනසක්

ICC ටෙස්ට් සහ පන්දුවාර 20 පිතිකරණයේ සහ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ තවදුරටත් හොඳම පිතිකරුවා බවට පත් ව ඇත්තේ එංගලන්තයේ ජෝයි රූට්.

ඊට දෙවැනි වෙමින් එංගලන්තයේ හැරී බෘක් දෙවැනි තැනටත් තෙවැනි තැන කේන් විලියම්න්සන්ටත් හිමි ව තිබෙනවා.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට හිමි ව ඇත්තේ 07 වැනි ස්ථානය වන අතර එය කමිඳු මෙන්ඩිස් හට හිමි ව තිබෙන දැකිය හැකියි.

ස්ටීවන් ස්මිත් සහ රිෂාබ් පාන්ට් එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර ස්මිත් 08 වැනියා ලෙසත් පාන්ට් 09 වැනියා බවටත් පත් ව තිබෙනවා.

එමෙන්ම ටෙස්ට් පිටියේ පන්දු යවන්නන් අතර මෑතකදී කොදෙව්වන් සමග පැවති ටෙස්ට් තරගයේ දී කඩුලු ත්‍රිත්ත්වයක් ලබා ගත් නෝමන් අලී ස්ථාන 04කින් ඉහළට විත් සිය ස්ථානය 05 වැනි තැන දක්වා වර්ධනය කරගෙන තිබෙනවා.

මේ අතර T20 පිතිකරුවන් අතර ට්‍රවිස් හෙඩි තවමත් පෙරමුණේ රැඳී සිටිනවා.

නවතම යාවත්කාලීන කිරීම් අනුව ඉන්දීය ක්‍රීඩක තිලක් වර්මා එක් ස්ථානයක් ඉහළට පැමිණෙමින් දෙවැනි තැනට පත් ව ඇත්තේ එංගලන්තයේ ෆිල් සෝල්ට් තෙවැනි ස්ථානයට ඇද දමමින්.

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක මෙම ලැයිස්තුවේ සිටින්නේ හත්වැනි ස්ථානයේයි.

මොහොමඩ් රිස්වාන් එක් ස්ථානයකින් (08) ඉහළට පැමිණ තිබෙනවා.

එමෙන්ම T20 ආකෘතියේ පන්දු යවන්නන් අතර පළමු තැන සිටි කොදෙව්වන්ගේ අකීල් හුසේන් දෙවැනි ස්ථානයට පත් කරමින් එංගලන්තයේ අඩිල් රෂීඩ් නැවතත් පළමු ස්ථානයට පත් ව තිබෙනවා.

එමෙන්ම එංගලන්තය සමග පසුගියදා නිමාවට පත් වූ T20 තරගාවලියේ වරුන් චක්‍රවර්ති දැක්වූ දක්ෂතාව හේතුවෙන් ඔහු මෙම ලැයිස්තුවේ ස්ථාන 25කින් ඉහළට පැමිණ රැඳී ඇත්තේ 05 වැනි තැනයි.

එංගලන්තයේ ජොෆ්‍රා ආර්චර් කලකට පසු ප්‍රගතියක් ලබා ඇති අතර ඔහු හයවැනි ස්ථානය දක්වා පත් ව තිබෙනවා.

මහීෂ් තීක්ෂණ එක් ස්ථානයකින් පහළ ගොස් ඇත්තේ සිය ස්ථානය 07 බවට පත් කරගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32