AFC Banner
AFC Banner
Empty Ad

ICC දෙසැම්බර් මාසයේ ක්‍රීඩකයා සම්මානය ජස්ප්‍රිට් බුම්‍රාට

ICC ය විසින් නිර්දේශ කරනු ලබන මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය දෙසැම්බර් මාසය වෙනුවෙන් දිනා ගැනීමට ඉන්දියාවේ වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා සමත් වුණා.

මෙම ජයග්‍රහණයට බුම්‍රා එම මාසයේ දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව පන්දුවෙන් දැක්වූ කුසලතාව කැපී පෙනෙන බලපෑමක් සිදු කළ බවයි වාර්තා වන්නේ.

මෙම සම්මානයට ඔස්ට්‍රෙලියානු ටෙස්ට් නායක පැට් කමින්ස් සහ ඩේන් පැටර්සන් (දකුණු අප්‍රිකාව) ද යෝජනා වී තිබුණා.

නමුත් ඔවුන් අබිබවා යමින් බුම්‍රා මෙම සම්මානය දිනාගත් අතර ටෙස්ට් තරග තුනක් පුරා බුම්‍රා ඉන්දියාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට නායකත්වය දෙමින් ද විශ්මයජනක අයුරින් කඩුලු 22ක් දවා ගත්තා.

එමෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද දිනා ගත්තේ බුම්‍රා විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?