GMOA නවීන් ද සොයිසාට ලිංගික අල්ලස් චෝදනා

ලිංගික සහ මූල්‍යමය අල්ලස් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය නවීන් ද සොයිසාට චොදනා කරමින් දොඩන්ගොඩ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයෙකු විසින් අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

දොඩන්ගොඩ ප්‍රදේශීය රෝහලේ හෙද නිලධාරිනියක් විසින් තමා‌ගේ රාජකාරිය පැහැර හැරීම ඇතුළු නොයෙක් විශමාචාර ක්‍රියාවන් හේතුවෙන් විනය පරීක්ෂණ කිහිපයකින් වැරදිකාරිය වීමෙන් පසු ස්ථාන මාරු ලබා යාමට නියමිතව තිබුණ ද ඇයගේ ස්ථාන මාරුව වෛද්‍ය නවීන් ද සොයිසා විසින් වලක්වා ඇති බවට අදාල පැමිණිල්ලේ සඳහන් කර තිබෙන බව ද අනාවරණය වී ඇති බව සඳහන්.

එම හෙදිය සේවක සේවිකාවන් ඉදිරියේ තමා සහ නවීන් ද සොයිසා අතර අනියම් සම්බන්ධතාවක් ඇති බවට හැඟවෙන පරිදි කටයුතු කරීමෙන් හා නොයෙක් වර රෝහල් සේවක සේවිකාවන් ඉදිරියේ ප්‍රසිද්ධියේ සිදුකරන ලද ප්‍රකාශවලින් ඒ බව පැහැදිලිව සනාථ වන බවත් රෝහල් පරිපාලනය විසින් ඇගේ විශමාචාර ක්‍රියා සම්බන්ධව ඇයට දැනුම් දී 2024 මාර්තු මස අදාල හෙදිය වෙත ලිපියක් නිකුත් කර ඇතැයි සදහන්.

එම ලිපිය මගින් පරිපාලනය පෙන්වා දී ඇත්තේ රෝහලේ නියමිත රාජකාරි දිගින් දිගටම පැහැර හැර කටයුතු කරන ඇයගේ නියමිත සේවා මුර කටයුතුවලට නොපැමිණ අවසාන මොහොතේ දුරකථනයෙන් දැනුම් දෙමින් තමා අදාල මුර සේවාවට නොපැමිනෙණ බව දන්වා වසර තුනහමාරක ආසන්න කාලයක රෝහල මගින් සිදුකරන ලද කිසිදු පොදු ක්ෂේත්‍ර සායන කිසිවකට සහභාගී නොවී ඇති බවයි.

එ‍මෙන්ම ඇය වෛද්‍ය නවීන් ද සොයියා සමඟ අනියම් සම්බන්ධතාවක් ඇතැයි රෝහල් සේවක සේවිකාවන් ඉදිරියේ ඔවුන්ට ඒත්තු ගැන්වෙන පරිදි නිරන්තරයෙන් කටයුතු කිරීම හේතුවෙන් සහ “නවීන් ලඟදීම RD වෙලා එනවා එයා ආපු ගමන් මුළින්ම කරන්නේ දොඩන්ගොඩ අතුගාලා දාන එක” යනුවෙන් තර්ජනාත්මකව පැවසීමත් හේතුවෙන් රොහල් සේවක සේවිකාවන් දැඩි අපහසුතාවට සහ පීඩනයට පත්ව ඇති අතර ඇයට බියෙන් වචනයක්වත් කතා නොකර සේවයක් කිරීමට අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලයට සිදුව තිබෙන බවත් මේ සියල්ල සිදු වන්නේ වෛද්‍ය නවීන් ද සොයිසාගේ අනසක යටතේ බවත් රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් අදාල රෝහල් සේවක සේවිකාවන් රෝහල් පරිපාලනයටත්, රෝහල් පරිපාලනය සෞඛ්‍ය අමාත්‍යාංශයටත් මේ සම්බන්ධයෙන් පැමිණිලි කරමින් පවසා ඇත්තේ කඩිනමින් මේ සම්බන්ධව විමර්ශනයක් පවත්වන ලෙසයි.

තවද ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය ක්ෂේත්‍ර සේවා අධ්‍යක්ෂ තනතුරට රජයේ වෛද්‍ය නිළදාරීන්ගේ සංගමයේ බලතල භාවිතා කරමින් සුදුසුකම් අඩු වෛද්‍යවරයෙකු පත් කරගත් බවත් එසේ සිදු කිරීම ලක්ෂ ගණනින් මුදල් අල්ලස් ලබා ගෙන ඇති බවත් ඔහු විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලතල භාවිතා කරන සමයේ අදාල සංගමයේ මුදල් විශාල ලෙස වංචා කර ඇතැයිද අදාල පැමිණිල්ලේ සඳහන්.

එමෙන්ම අදාල පැමිණිල්ල මගින් වෛද්‍ය නවීන්ද සොයිසාගේ තවත් අල්ලස් ලබා ගැනීමේ සිදුවීම් කිහිපයක්ද සඳහන් කරමින් දීර්ඝ ලිපියක් අල්ලස් කොමිසම වෙත යොමුකර ඇති අතර අදාල ලිපිය මගින් මේ සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදුකර වෛද්‍ය නවීන්ද සොයිසා නීතිය හමුවට රැගෙන එන ලෙසත් ඉල්ලා තිබෙනවා.

දොඩංගොඩ ප්‍රාදේශීය රෝහලේ අධිකාරීවරයා පසුගියදා දොඩංගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ දී ද මේ පිළිබඳව අනාවරණය කරමින් දිස්ත්‍රික් කමිටුව ලෙස රෝහලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට මෙය පීඩාවක් බව සඳහන් කරමින් මීට ගත හැකි ඉක්මන් ක්‍රියාවක් ගන්නා මෙන් දොඩංගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය අනූප පැස්කුවල්ගෙන් ඉල්ලීමක් ද කර ඇතැයි සදහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57