DO ලා ආණ්ඩුවට එරෙහිව වීදි බසියි

පාසල් සංවර්ධන නිලධාරීන් වහාම ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙසට බලපෑම් කරමින් සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අද (20) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වුවා.

අද දහවල් කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදියි මෙම විරෝධතාව පැවැත්වුණේ.

තමන් ඇතුළු පිරිස වසර 05ක් තිස්සේ පාසල් සේවයට අනුයුක්ත කර; ගුරු සේවයට යොදවා ආණ්ඩුව මේ වනවිට පවසන්නේ ගුරු ව්‍යවස්ථාව අප විසින් උල්ලංඝනය කරන ලද බවයි සමස්ත ලංකා පාසල් සංවර්ධන සංගමය ජාතික සංවිධායක අරවින්ද දිසානායක මහතා පැවසුවා.

ඒ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එම ගුරු ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන පරිදි තමන් ඇතුළු අසාධාරණයට ලක් ව සිටින පාසල් සංවර්ධන නිලධාරීන්ට ඩිප්ලෝමා වෙනුවෙන් පත්වීම් හිමිගන්වන ලෙසයි.

මේක පාලන තන්ත්‍රයේ ගැටලුවක් මිසෙක තම වෘත්තිකයින්ගේ ගැටලුවක් නොවන බවයි අසාධාරණයට ලක් වූවන් චෝදනා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?