කැරිබියන් ප්රිමියර් ලීග් ඉතිහාසයේ පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම ශකතය රැස්කර ගැනීමට St Kitts and Nevis Patriots කණ්ඩායම නියෝජනය කළ දසුන් ශානක ඊයේ (03) සමත් වුණා.
ඒ, ලුසියා කිංස් කණ්ඩායමට එරෙහිව පන්දු 39කින් සිය ශතකය සම්පූර්ණ කරගනිමින්.
දසුන් ශානක විසින් මෙලෙස බිඳ හෙලුවේ ඇන්ඩ්රි රසල් විසින් 2018 වසරේදී පන්දු 40කින් ශතකයක් රැස් කරමින් පිහිටවා තිබූ වාර්තාවයි.
St Kitts and Nevis Patriots ඉනිම අවසානයේ දසුන් ශානකගේ නම ඉදිරියේ පන්දු 43කින් ලකුණු 121ක් ලියවී තිබුණා.
ඒ, 6 පහර 12ක් සහ 4 පහර 8ක් ද ඇතුළත්වයි.













