නාවලපිටිය ප්‍රදේශයට (25) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ ජලයෙන් යටව ගොස් තිබෙනවා.
නාවලපිටිය බස් නැවතුම්පොළ හරහා වැසි ජලය ගලා යැමට කාණු පද්ධතිය අවහිර වීම නිසා බස් නැවතුම්පොළ ජලයෙන් යට වූ බවයි බස් නැවතුම්පොළේ පිහිටි වෙළදසැල් හිමියන් කියා සිටියේ.
බස් නැවතුම්පොල ජලයෙන් යට වීම නිසා මගීන් මෙන්ම බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරුන්ද පීඩාවට පත් විශාල වශයෙන් පීඩාවට පත්ව සිටියා.













