CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කෝටි 100ක වන්දි ඉල්ලා නඩු පවරයි

අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කරමින් තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුලින් තම ආත්ම ගරුත්වයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකගෙන් මෙම වන්දිය අයකර දෙන ලෙසටයි ඔහු ඉල්ලා ඇත්තේ.

එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සම තුළින් ශානි අබේසේකර මහතා කියා සිටින්නේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ගිනි අවි පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ට එරෙහිව ද්වේශ සහගත සහ පලිගැනීමේ චේතනාවෙන් විමර්ශනයක් සිදුකළ බවයි.

පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ තීරණයක් අනුව මෙම විමර්ශනය පැවැත් වුණු බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම විමර්ශනවලදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් අධිකාරී නෙවිල් සිල්වා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත යන අය තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදුකරන ලෙස විවිධ පුද්ගලයින්ට බලපෑම් කර තිබූ බවත් ශානි අබේසේකර මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව වගඋත්තරකරුවන් තමන්ව අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් මාස ගණනාවකින් පසුව නීතිපති උපදෙස් මත නිදහස් කෙරුණු බවත් ඔහු සඳහන් කළා.

මේ හරහා වගඋත්තරකරුවන් අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කරමින් ද්වේශ සහගත ලෙස තම ආත්ම ගරුත්වයට එල්ල කළ අපකීර්තිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අය කළ දෙන ලෙසට ඉල්ලමිනුයි ශානි අබේසේකර මහතා විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
10
+1
4
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21