Breaking News – ටෙස්ට් ලෝක ශූරයින් ලෙස ඕස්ට්‍රේලියාව කිරුළු පළඳියි

ප්‍රබල ඉන්දියාව පරාජය කරමින් අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාව දිනාගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයෙන් ඉන්දියාව පරාජය කරමින් ඕස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 209කින්.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු පිළිට ආරාධනා කළ අතර, ඒ අනුව සිය පළමු ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සියල්ලන් දැවී ලකුණු 469ක් රැස් කළා.

එහිදී ස්ටීවන් ස්මිත් සහ ට්‍රැවිස් හෙඩ් ශතක රැස්කරමින් ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ඔසවා තබන්නට සිය දායකත්වය ලබා දුන්නා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමූ අතර, මොහොමඩ් ෂාමි සහ ෂර්දුල් තාකූර් කඩුලු 02ක බැඟින් දවාගත්තා.

ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 296ක් පමණයි.

ඉන්දීය පළමු ඉනිමේ ගැලවුම්කාරයා වූ අජින්ක්‍යා රහනේ ලකුණු 89ක් රැස්කළ අතර, ෂර්දුල් තාකූර් ලකුණු 51ක් රැස්කරමින් කඩාවැටෙමින් තිබූ ඉන්දීය පළමු ඉනිමට මුක්කුවක් ගැසුවා.

පැට් කමින්ස් ඉන්දීය පළමු ඉනිමේ කඩුලු 03ක් දවාගත් අතර, කැමරන් ග්‍රීන්, මිචෙල් ස්ටාක් සහ ස්කොට් බෝලන්ඩ් අතරේ කඩුලු දෙක බැඟින් බෙදීගියා.

අනතුරුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 173ක වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියාව කඩුලු 08ක් දැවී ලකුණු 270ක් රැස්කරගෙන සිටිය දී තරගයේ සිව්වන දිනය වූ ඊයේ (10) දිනයේ ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ දී ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 66ක් රැස්කළ අතර, මාර්නස් ලැබුස්චේන් සහ මිචෙල් ස්ටාක් ලකුණු 41 බැඟින් රැස්කරමින් සිය දායකත්වය ලබා දුන්නා.

රවීන්ද්‍ර ජඩේජා කඩුලු 03ක්, උමේෂ් යාදව් සහ මොහොමඩ් ෂාමි ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ කඩුලු දෙක බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව අවසන් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 444ක්.

එම ඉලක්කය හඹා ගිය ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ මුල්පෙළ කඩුලු 03ක් ඊයේ දිනය අවසන් වනවිට දවාගන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්ගේ දැවීයාම ක්‍රිකට් ලොව කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත් වුණේ කැමරන් ග්‍රීන් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවත් සමඟයි.

තරගයේ අවසන් දිනය වූ අද (11) දිනයේ කඩුලු 07ක් අතැතිව ලකුණු 280ක් පිටුපසින් සිටිමින් ඉන්දීය කණ්ඩායම දෙවන ඉනිම ඇරඹුවා.

ඒ, අනුව ලකුණු 444ක් ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට, ඔවුන්ගේ දෙවන ඉනිමට තවත් 70ක් එක්වනවාත් සමඟ අනෙක් කඩුලු 07 බිඳ දමන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

අවසානයේ ඉන්දීය දෙවන ඉනිම දැක්වුණේ සියල්ලන් දැවී ලකුණු 234ක් ලෙසටයි.

ඒ, අනුව මෙම අවසන් මහා තරගය ලකුණු 209කින් ජයගත් ඕස්ට්‍රේලියාව වත්මන් ටෙස්ට් රජුන් ලෙස කිරුළු පැළඳුවා.

අවසන් මහා තරගයේ වීරයා ලෙස ට්‍රැවිස් හෙඩ් සම්මාන දිනා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
5
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?