Breaking News – ටෙස්ට් ලෝක ශූරයින් ලෙස ඕස්ට්‍රේලියාව කිරුළු පළඳියි

ප්‍රබල ඉන්දියාව පරාජය කරමින් අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාව දිනාගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයෙන් ඉන්දියාව පරාජය කරමින් ඕස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 209කින්.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු පිළිට ආරාධනා කළ අතර, ඒ අනුව සිය පළමු ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සියල්ලන් දැවී ලකුණු 469ක් රැස් කළා.

එහිදී ස්ටීවන් ස්මිත් සහ ට්‍රැවිස් හෙඩ් ශතක රැස්කරමින් ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ඔසවා තබන්නට සිය දායකත්වය ලබා දුන්නා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමූ අතර, මොහොමඩ් ෂාමි සහ ෂර්දුල් තාකූර් කඩුලු 02ක බැඟින් දවාගත්තා.

ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 296ක් පමණයි.

ඉන්දීය පළමු ඉනිමේ ගැලවුම්කාරයා වූ අජින්ක්‍යා රහනේ ලකුණු 89ක් රැස්කළ අතර, ෂර්දුල් තාකූර් ලකුණු 51ක් රැස්කරමින් කඩාවැටෙමින් තිබූ ඉන්දීය පළමු ඉනිමට මුක්කුවක් ගැසුවා.

පැට් කමින්ස් ඉන්දීය පළමු ඉනිමේ කඩුලු 03ක් දවාගත් අතර, කැමරන් ග්‍රීන්, මිචෙල් ස්ටාක් සහ ස්කොට් බෝලන්ඩ් අතරේ කඩුලු දෙක බැඟින් බෙදීගියා.

අනතුරුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 173ක වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියාව කඩුලු 08ක් දැවී ලකුණු 270ක් රැස්කරගෙන සිටිය දී තරගයේ සිව්වන දිනය වූ ඊයේ (10) දිනයේ ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ දී ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 66ක් රැස්කළ අතර, මාර්නස් ලැබුස්චේන් සහ මිචෙල් ස්ටාක් ලකුණු 41 බැඟින් රැස්කරමින් සිය දායකත්වය ලබා දුන්නා.

රවීන්ද්‍ර ජඩේජා කඩුලු 03ක්, උමේෂ් යාදව් සහ මොහොමඩ් ෂාමි ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ කඩුලු දෙක බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව අවසන් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 444ක්.

එම ඉලක්කය හඹා ගිය ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ මුල්පෙළ කඩුලු 03ක් ඊයේ දිනය අවසන් වනවිට දවාගන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්ගේ දැවීයාම ක්‍රිකට් ලොව කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත් වුණේ කැමරන් ග්‍රීන් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවත් සමඟයි.

තරගයේ අවසන් දිනය වූ අද (11) දිනයේ කඩුලු 07ක් අතැතිව ලකුණු 280ක් පිටුපසින් සිටිමින් ඉන්දීය කණ්ඩායම දෙවන ඉනිම ඇරඹුවා.

ඒ, අනුව ලකුණු 444ක් ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට, ඔවුන්ගේ දෙවන ඉනිමට තවත් 70ක් එක්වනවාත් සමඟ අනෙක් කඩුලු 07 බිඳ දමන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

අවසානයේ ඉන්දීය දෙවන ඉනිම දැක්වුණේ සියල්ලන් දැවී ලකුණු 234ක් ලෙසටයි.

ඒ, අනුව මෙම අවසන් මහා තරගය ලකුණු 209කින් ජයගත් ඕස්ට්‍රේලියාව වත්මන් ටෙස්ට් රජුන් ලෙස කිරුළු පැළඳුවා.

අවසන් මහා තරගයේ වීරයා ලෙස ට්‍රැවිස් හෙඩ් සම්මාන දිනා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
5
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12