Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දකුණු මුහුදේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය ඇති බවට සැක ධීවර යාත්‍රාව හෙට ගාල්ලට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් භාරයට ගනු ලැබුවා.

එම යාත්‍රාවේ සිටි සැකකරුවන් පිරිසක් ද නාවික හමුදාව විසින් භාරයට ගෙන තිබුණා.

එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශණ හා නීතිමය කටයුතු සඳහා හෙට (13) උදෑසන, ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.