Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අවුකන රජමහා විහාරස්ථානය අවට ප්‍රදේශය ජලයෙන් යටවෙයි

කලාවැව හදිසි වාන් දොැටු විවෘත කිරිම හේතුවෙන් කලාවැව අවුකන මාර්ගව අවුකන විහාරස්ථානය අසළ ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙන බවට වාර්තාවේ.

පවතින වර්ෂාවත් සමඟ කලාවැව යළි පිටාර ගැලිමට පටන්ගෙන තිබෙනවා.

ඒ අනුව ඉකුත් සෙනසුරාදා (07) වසා දැමුණ කලාවැව හදිසි වාන්දොරටු අද යලි විවෘත කිරීමට කටයුතු කළා.

අද සවස් වන විට එම වාන් දොරටු අඩි 02 බැගින් වන සේ විවෘත කර තිබුන අතර එමගින් තත්පරයට ඝන අඩි 2424ක ජලප්‍රමානනයක් කලාඹයට මුදාහැරෙනවා.

මේ අතර තත්පරයට ඝන අඩි 2885 ක ජල ප්‍රමානයක් තවදුරටත් කලාවැවට එක්වෙමින් පවතිනවා.

පස්වරුව වන විට කලාවැව සමස්ථ ජල ධාරිතාවය අක්කර අඩි 86593ක් දක්වා ඉහළ ගොස් තිබුනා.

මෙලෙස කලාවැව හදිසි වාන් දොැටු විවෘත කිරිමත් සමඟ කලාවැව අවුකන මාර්ගව අවුකන විහාරස්ථානය අසළින් නැවතත් ජලයෙන් යටවි එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිාබෙනවා.

එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා වෙමින් මාර්ගය ගෙවුනසතිය තුල ජලයෙන් යටවු දෙවන අවස්ථාව මෙය බවත් වාර්තාවෙනවා.