Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ශික්ෂණලාභීන්ගේ මාසික දීමනාව 20,000 දක්වා වැඩිකරයි

2027 අයවැය යෝජනා යටතේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂ යෝජනා රැසක් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක නිවේදනය කර තිබෙනවා.

2027 අයවැය කතාව අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඒ අනුව, අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණලාභීන්ට දැනට ලබාදෙන රුපියල් 10,500ක මාසික දීමනාව 2027 අප්‍රේල් මාසයේ සිට රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.

එමෙන්ම, පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂු සිසුන්ගේ දෛනික දීමනාව රුපියල් 50 දක්වාත්, ගිහි සිසුන්ගේ දෛනික දීමනාව රුපියල් 25 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා සඳ හන් කළා.

එමෙන්ම දහම් පාසල් ගුරුවරුන්ගේ වාර්ෂික දීමනාව රුපියල් 5,000කින් වැඩි කර රුපියල් 12,500 දක්වා ඉහළ නැංවීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.