Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කොළඹ-නුවර මාර්ගයේ ආරක්ෂාවට කඩුගන්නාවේදී තාවකාලික ගල් වැටියක්

පසු ගියදා නාය යෑමට ලක් වූ පහළ කඩුගන්නාව ප්‍රදේශය තව දුරටත් නාය යෑමේ තත්වයක් ඇති වේයැයි සිතා කොළඹ නුවර මාර්ගයට පස් සහ ගල් වැටීමේ අවධානම අවම කර ගැනීම සදහා ආරක්ෂාකාරී පියවරක් ලෙස තාවකාලිකව ගල් වැටියක් ඉදි කර ඇති බව වාර්තාවෙනවා.

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය මත කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ පසුගිය 10 වන දින රාත්‍රී පස් කඳු හා ගල් පෙරළී මාර්ගය අවහිර වීමක් සිදුවුණ. ඉන් අනතුරුව ද අඛණ්ඩව නායයෑමේ අවධානමක් මතු වීම හේතුවෙන් සිට කඩුගන්නාව පොලිස් වසමේ ඩෝසන් කුළුණ අසලින් සහ මාවනැල්ල පොලිස් වසමේ ගනේතැන්න හන්දියෙන් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණා.

පසුව එම මාර්ගය ඊ‍යේ (11) දින උදෑසන 06.00 සිට රථවාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කරනු ලැබුවා.

එහිදී, මාර්ගය මතට වැටී තිබූ පස් හා ගල් එම ස්ථානයෙන් ඉවත් කර මාර්ගයේ රථ වාහන ධාවනය සඳහා එක් තීරුවක් විවෘත කිරීමට කටයුතු කර තිබූ අතර, නාය ගිය කොටසේ මාර්ගය අවට වැටී තිබූ ගල් හා පස් මේ දක්වා සම්පුර්ණයෙන් ඉවත් කර නොමැති බැවින් හා අද (12) දින උදෑසන කාලයේ සිට එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නාය ගිය කොටසේ රැඳී ඇති ගස්, පස් හා ගල් වලින් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන හා මහජනයාට අනතුරක් විය හැකි බවට නිරීක්ෂණය වී තිබෙනවා

එම අවදානම සැළකිල්ලට ගනිමින් පහළ කඩුගන්නාව ප්‍රදේශය තව දුරටත් නාය යෑමේ තත්වයක් ඇති වේයැයි සිතා කොළඹ නුවර මාර්ගයට පස් සහ ගල් වැටීමේ අවධානම අවම කර ගැනීම සදහා ආරක්ෂාකාරී පියවරක් ලෙස තාවකාලිකව ගල් වැටියක් අද පස්වරුවේ ඉදි කර ඇති බව වාර්තාවෙනවා.