හිටපු ජනපති අපේ රටට එන්න ඉල්ලීමක් කළ බව තායිලන්ත රජය පවසයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ සංචාරයක නිරත වීමට ඉල්ලීමක් කර ඇති බවට තායිලන්ත රජය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එය දේශපාලන රැකවරණයක් ලබා ගැනීමේ සංචාරයක් නොවන බවයි එරට රජය වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ වන විට සිංගප්පුරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) දිනයේ දී තායිලන්තයට පැමිණීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා.

පසුගිය ජූලි මස 14 වැනි දින හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත්වීමත් සමග මාලදිවයින හරහා සිංගප්පුරුව බලා පිටත්ව ගියා

Screenshot 2022 08 10 171724 450x362 1