මේ කාලයේ රියැලිටි තරඟ වලින් තරු ගණනාවක් බිහිවෙනවා.අද අපි කතා බහට සම්බන්ධ කරගත්තෙත් මෙවැනිම තරුවක්.සිරස නාළිකාවේ විකාශය වුණු වොයිස් වැඩසටහනේ විශේෂ දක්ශතා පෙන්වමින් අවසන් තරු කීප දෙනා අතරට ගමන් කරන්න මේ හඬ සමත් වුණා.මේ වෙනකොට සංගීතය තම වෘත්තිය කරගෙන වගේම ඉදිරියේදි තාරුණ්‍යයේ සංගීතයට වෙනස්කම් එක් කරමින් දක්ෂකම් පෙන්වන මේ ආදරණීයයා නමින් ” තරිඳු නිර්මාණ කරුනානායක”
තරිඳු කොහොමද?
මම හොඳින් ඉන්නවා
මේ දවස් වල සංගීත වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල මගේ අලුත් බෑන්ඩ් එකේ වැඩ කටයුතු වලට මහන්සි වෙනවා.knights තමයි ඒකෙ නම.තාම බෑන්ඩ් එක පටන් අරන් මාස හතරක් විතර.ඒ අතර මගේ originals ටිකක් කරන්න පටන් අරන් තියනවා.ඒකට තමයි ගොඩක් මහන්සි වෙන්නෙ.මං හිතන් ඉන්නේ band එකත් එක්ක originals ටිකක් අවුට් කරන්න.
තරිඳු කියන්නේ ගායකයෙක් විතරද?
ඇත්තටම මම මාව ගායකයෙක් කියල හඳුන්වන්නේ නෑ.සින්දු කියන ඕන කෙනෙක්ට ගායකයෙක් වෙන්න පුළුවන්.මම මාව හඳුන්වලා දෙන්නේ entertainer කෙනෙක් විදියට.
තරිඳුගේ ජීවිතයම වෙනස් කරපු තැන කොතැනද?
ජීවිතයම වෙනස් කරපු තැන් ජීවිතේ ගොඩක් තියෙනවා.විශේෂම තැනකට තියෙන්නෙ මගේ පාසල තමයි.මගේ පාසලෙන් තමයි ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තෙ.
ඔබ කියන්නේ සංගීත අංශය ගැන ද?
ඔව් ඇත්තටම මම කවදාවත් ඉස්කෝලෙදි සංගීතය ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි.හැබැයි මම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා.ඒ ආභාෂය තමයි තිබුණේ.දවසක් ඉස්කෝලේදි පීරියඩ් කට් කරල ඉන්නකොට competition එකක් තියෙන තැනකට වෙලා ඉඳගෙන හිටියා.හදිස්සියෙම අපේ පාසලේ විදුහල්පති තුමා ඇවිල්ලා ඒ තරගෙට මට සින්දුවක් කියන්න කියලා කිව්වා.ඊට පස්සේ ඒ තරඟෙ මම දිනුවා.ඒ වෙනකම් කවදාවත් ඉස්කෝලේ කිසිම තරඟයකින් සින්දු කියලා මම දිනලා නෑ.කිසිම තරඟෙකට ඉදිරිපත් වෙලත් නෑ.එතනදි මට හිතුනා සිංදු කියන පැත්තට එන්න ඕන කියලා.
ඇයි මුල ඉදන්ම ස්ටේජ් එකට බය වුණේ නැත්තේ?
ඇත්තටම මම පෙර පාසල් යන කාලේ ඉඳන්ම සින්දු කියලා,කතාවක් පවත්වන්න කිව්වොත් ඇවිල්ල කතාවක් කරනවා.මගේ පෙර පාසල් ගුරුතුමිය නිසා තමයි ඒ බය නැති වුණේ.එයා අපිට පොඩි කාලේ ඉඳන්ම ලොකු සපෝට් එකක් එකක් දුන්නා ඉස්සරහට එන්න.මේ වෙනකම් මට උගන්වපු ගුරුවරු හැමෝටම ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.
තරිඳුගෙ පවුලේ විස්තර කොහොමද?
අම්මයි තාත්තයි මායි මල්ලිලා දෙන්නයි.මම තමයි ලොකු අයියා
කොහොමද ඉතිං මේ සිංදු කියන ලොකු අයියට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ප්‍රතිචාර හොඳයි. දැන් තියන තත්ත්වයට එන්න ලොකු change in point එකක් වුණා voice sri lanka.එතනින් ඒ ලැබුණු ප්‍රතිචාරය මම ඇත්තටම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි.මම සංගීත කණ්ඩායම් වල Sing කළාට ජනප්‍රියත්වය පස්සෙ ගිය කෙනෙක් නෙමෙයි.covid ගොඩක් වැඩි කාලෙක තමයි මම ඕය තරඟයට Apply කලේ.අන්තිමට ඒකෙන් තමයි මට ලොකු Push එකක් ආවෙ.නැත්තං මම රට අතහැරලා යන්න හිටිය කෙනෙක්.
තරුණ කොල්ලෙක්නෙ ඉතිං තාම.කොහොමද තරුණියන්ගෙන් හම්බෙන ප්‍රතිචාර?
ඇත්තටම සමහරු මාව දන්නේ නෑ මොකද මම එහෙම ලොකු ජනප්‍රියත්වයක් තියන් ඉන්න කෙනෙක් නෙමෙයි.නමුත් මම යන තැනක සින්දුවක් කිව්වොත් හොඳට perform කළොත් සීයට අනූවක් විතර හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
දැන් girlfriend කෙනෙක් එහෙම හොයාගෙන ද තියෙන්නේ?
ජීවිතයේ දී එක එක දේවල් සිද්ධ වෙනවා,ගොඩක් අය හම්බෙනවා,ඒවත් එක්ක ඉදිරියට යනවද කියන එක තීරණය වෙන්නේ ඉතින් වෙන දේවල් එක්ක තමයි.ඉස්සරහට යද්දි ගැලපෙන තැන් හදාගන්න ඕන.
කවද්ද අලුත් සිංදුවක් රිලීස් වෙන්න?
ලබන මාසයේ අන්තිම වගේ වෙනකොට අලුත් සිංදුවක් රිලීස් කරන්න තමයි ඉන්නේ.
මම ඉස්කෝලේ යන කාලේ ඒලෙවල් ප්‍රොජෙක්ට් එකට කළෙත් සින්දුවක්.ඒ සින්දුවෙන් පටන් අරගෙන මේ වෙනකොට සිදු දෙක තුනක්ම release කරලා තියෙනවා.හැබැයි මහන්සි වෙලා ලොකු වැඩක් විදියට මගේ බෑන්ඩ් එකේ පලවෙනි සිංදුව විදියට එළියට එන්නේ මේ අලුතින් රිලීස් වෙන සිංදුව.
අද ඉන්න තැන ගැන තරිඳුට මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි ඒ වගේම පුංචි දුකකුත් තියෙනවා.මොකද අපේ රටේ අපි වෙන මහන්සියට ලැබෙන වටිනාකම අඩුයි.ඒක රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි ඒක පාලනයේ ප්‍රශ්නයක්.අපි කරන වැඩ වලින් අපි කොච්චර වටිනාකම් ගන්න හැදුවත් එක තැනකදි අපිව හිර වෙනවා.දැන් තියෙන පෙට්ට්‍රල් ඩීසල් වගේම වියදම් ප්‍රශ්න බලනකොට අපේ තරුණ කාලේ හොඳම කාලේ අපි සමහර තැන්වල හිර වෙලා කියලා හිතනවා.නමුත් ජීවිතය මෙච්චර කල් කරපු දේවල් නිසා මම ගොඩක් සතුටින් ඉන්නේ.මොකද මම කරන හැමදේම මම අවංකව කරා.ඉතින් මට ලැබෙන ප්‍රතිචාර ගැන මම සතුටින් ඉන්නවා
සංවාදය -සච්නි සත්සරණි