කාර්මික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධන සැලැස්ම සැකසීමට වැඩමුළුවක් අගමැති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

කාර්මික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන සැලැස්ම සෑදීම සඳහා වූ වැඩමුළුවක් අද (17) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

එම සංවර්ධන සැලැස්ම සැකසීමට අදාළව හඳුනාගනු ලැබූ ගැටලු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය නිර්දේශ හා නිශ්චිත කාර්යන් සකස් කිරීම මෙම වැඩමුළුවේ දී සිදු වුණා.

ඒ, අනුව පාසල් පද්ධතිය තුළ වෘත්තීය පුහුණුව වැඩි වශයෙන් ව්‍යාප්ත කිරීමට මෙන්ම උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයන් සහසම්බන්ධ කිරීම ඔස්සේ තරුණ විරැකියාවට පිළිතුරු සැපයීමටත් ජාතික හා අන්තර්ජාතික මට්ටමින් පිළිගැනීමට ලක් වන පරිදි වෘත්තීය සුදුසුකම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් එමගින් කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා ඉහළ නැංවීමටත් අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කෙරුණා.

ඒ, අතරම ආබාධිත ප්‍රජාවට වෘත්තීය අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යවරිය මාර්ගෝපදේශකත්වය සැපයූ මෙම වැඩමුළුවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32