විල්පත්තුව වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම වැසේ

පවතින වර්ෂාපතනයත් සමඟ කලාඔය පිටාර ගැලීම හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන්ම වසාදමා තිබෙනවා.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලාඔය ඔස්සේ ඝණ අඩි 6,000ක පමණ ගලා බසින ජල ධාරිතාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම, කලාඔය සපත්තු පාලම මැදින් ගලා යාම හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරකයින් අතර ප්‍රසිධියක් උසුලන විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් 200ට ආසන්න ප්‍රමාණයක් පැමිණෙනවා.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණය නිසා සංචාරකයින්ට උද්‍යානය නැරඹීමට නොහැකිවීම හේතුවෙන් සෆාරි ජීප් රථ හිමියන් විශාල පිරිසක් ද දැඩි ලෙස පීඩාවට ලක්ව තිබෙනවා.

කලා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් මේ දිනවල උද්‍යානයේ ආදායම අඩු වී ඇති බවයි වන ජීවි නිලධාරින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16