Empty Ad
AFC Banner
AFC Banner

විල්පත්තුව වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම වැසේ

පවතින වර්ෂාපතනයත් සමඟ කලාඔය පිටාර ගැලීම හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන්ම වසාදමා තිබෙනවා.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලාඔය ඔස්සේ ඝණ අඩි 6,000ක පමණ ගලා බසින ජල ධාරිතාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම, කලාඔය සපත්තු පාලම මැදින් ගලා යාම හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරකයින් අතර ප්‍රසිධියක් උසුලන විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් 200ට ආසන්න ප්‍රමාණයක් පැමිණෙනවා.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණය නිසා සංචාරකයින්ට උද්‍යානය නැරඹීමට නොහැකිවීම හේතුවෙන් සෆාරි ජීප් රථ හිමියන් විශාල පිරිසක් ද දැඩි ලෙස පීඩාවට ලක්ව තිබෙනවා.

කලා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් මේ දිනවල උද්‍යානයේ ආදායම අඩු වී ඇති බවයි වන ජීවි නිලධාරින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?