නාවික හමුදාපති, කතානායකවරයා හමුවෙයි

නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ඊයේ (16) පාර්ලිමේන්තුවේ දී කතානායක ජගත් වික්‍රමරත්න හමු වුණා.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සහ වේත්‍රධාරී කුෂාන් ජයරත්න ද එක්ව සිටියා.

මෙම හමුවේ දී පාර්ලිමේන්තුව තුළ ඇතැම් ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලබාගත හැකි සහාය පිළිබඳව සාකච්ඡා කෙරුණා.

එහිදී එම ව්‍යාපෘතීන් සාර්ථකව නිම කිරීම සඳහා නාවික හමුදාවේ විශේෂඥ දැනුම සහ සහාය ලබාදීමට සූදානම් බවයි නාවික හමුදාපතිවරය මෙහිදී සඳහන් කළේ.

ජාතික ආරක්ෂාව සහ සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉටු කරනු ලබන සුවිශේෂී කාර්යභාරය කතානායකවරයාගේ ඇගයීමට ලක් වුණා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නාවික හමුදාවේ විශේෂඥ දැනුම සහ සහාය ලබාදීමට එකඟතාව පළ කිරීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළා.

එමෙන්ම කාර්යක්‍ෂම සහ පිරිවැය ඵලදායී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන අතර සහයෝගීතාවයේ වැදගත්කම ද කතානායකවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39